සකුරා දේශය
සකුරා දේශය කියලා හඳුන්වන්නේ ජපන් රට පිළිබඳව කියන එක අප සැවොම දන්නා කාරණයක්. ජපානය කියන්නේ නැගෙනහිර ආසියාවෙ පිහිටලා තියෙන දූපත් රාජ්‍යයක් . එම රාජ්‍ය ප්‍රධාන දූපත් හතරකින් සමන්විතයි.එම දූපත් හතර නම්,
- හොන්ෂූ
- හොක්කයිදෝ
- ක්යූශූ
- ශිකොකු
මෙම ප්‍රධාන දූපත් හතරට අමතරව තවත් කුඩා දූපත් රාශියක් ජපන් රාජ්‍යයට අයත් වේ. සකුරා දේශයේ ප්‍රධාන අගනුවර tokyo ( තෝකියෝ ) නගරයයි.
ජපානය ජනගහනය ගත් විට 2022 අවුරුද්ද වන විට මිලියන 125ක් පමණ බව දත්ත සටහන්වල දැක්වේ.ජපානයේ ජීවත්වන ප්‍රධාන ජනගහනය වන්නේ ජපන් ජාතිකයන්ය. ඔවුන්ගේ ප්‍රධාන ආගම ශින්තො ආගම සහ බෞද්ධ ආගමයි.
මීට අමතරව ජපානේ භාෂාව පිළිබඳ ගත් විට ජපන් භාෂාව ප්‍රධාන භාෂාව වන අතර එහි අක්ෂර මාලා තුනක් දක්නට ඇත. ඒවා නම්,
- හිරගනා
- කතකනා
- කන්ජි වේ.
ප්‍රධාන අක්ෂර හතළිස් හයකින් සමන්විත හෝඩියකි. සර් එහි ස්වර5 ව්‍යංජන 66 බැඳි අකුරු 33ක් ඇත. මෙම අක්ෂර මාලාව ජපන් ජාතිකයන්ගේ නම් ලිවීම සඳහා ද ජපානය ප්‍රදේශ හා නගරයන්හි නම් ලිවීම සඳහා ද විශේෂණ පද සහ ක්‍රියා පද වර නැගීමේදී ද එම වර්ණනැගීම දැක්වීම සඳහා ද නිපාත සහ ව්‍යාකරණ සම්බන්ධීකරණ යෙදුම් ලිවීම සඳහා ද කන්ජි අක්ෂරයෙන් යුත් වචන උච්චාරණ කරන ආකාරය ලිවීමට ද භාවිතා කරනු ලබයි.
කතකනා අක්ෂර මාලාව -
ප්‍රධාන වශයෙන් අක්ෂර 46කින් සමන්විත වන අතර එහිද ස්වර අකුරු 5 ක් ව්‍යංජන අකුරු 60ක් හා බැඳි අකුරු 45ක් සමන්විත වේ. මෙම හෝඩිය විදේශිකයන්ගේ නම් ලිවීම සඳහා ද විදේශ රටවල හා නගර වල නම් ලිවීමටද භාවිත කරයි.එසේම විවිධ ශබ්ද හැදින්වීමට යොදන වචන ලිවීම සඳහාත් වැඩි අවධානයෙන් යුතුව යම්කිසි දෙයක් ලිවීම සඳහාත් මෙම මාලාව භාවිතා කරනු ලබයි.
කන්ජි අක්ෂර මාලාව -
මෙම අක්ෂර මාලාව චීනයෙන් ජපානයට හඳුන්වා දුන් රූපාක්ෂර කිහිපයකින් සමන්විත වෙයි. එක් රූපාක්ෂරයකට උච්චාරණ ක්‍රම සහ අර්ථ ක්‍රම කිහිපයක් තිබිය හැකි අතර ජපානයේදී හිරගනා හා කතකනා ජපන් අක්ෂර සමඟ සංයෝග කර ලිවීමේදී භාවිතා කරයි.මෙහි උච්චාරණ ක්‍රම දෙකක් දැකගත හැකිය. එකක් චීන උච්චාරණ ක්‍රමයයි. එය ඔන් යොමි ලෙස ද අනික් ජපන් උච්චාරණ ක්‍රමය කුන්යොමි ලෙසද හඳුන්වනු ලබයි.
5 comments:
❤️🥰
creative
really interesting post
දෙයියනේ... දෙයියනේ... おもしろい මේකත්😋😋 すごい සුගොයි සකුරා...🫣🫣
❤️
Post a Comment